Notre-Dame දේවස්ථානය ප්‍රතිනිර්මාණයට Assassin’s Creed Unity’s පරිගණක ක්‍රීඩාවේ දර්ශන උපයෝගී කරගනී - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Thursday 18 April 2019

Notre-Dame දේවස්ථානය ප්‍රතිනිර්මාණයට Assassin’s Creed Unity’s පරිගණක ක්‍රීඩාවේ දර්ශන උපයෝගී කරගනී


පසුගිය දිනක Notre-Dame දේවස්ථානය ගින්නෙන් විනාශ වූ අතර එය නැවත ගොඩනැගීමට ප්‍රංශ රජය දැඩි අධිෂ්ඨානයක සිටියි. එය කවුරුත් නොහිතන Ubisoft ආයතනයේ  Assasin's Creed පරිගණක ක්‍රීඩාවේ උදව් ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි ආරංචිය නම්.

මෙම පරිගණක ක්‍රීඩා මාලාවේ මෙම ස්ථාන, කල්ලි දෙකක් එකිනෙකා ඝාතනය කර ගැනීම සදහා භාවිතා කරයි.මෙම ක්‍රීඩාව ගැන කුමක් කතා කලත් මෙහි නිෂ්පාදකයින් මෙම ස්ථාන සහ එහි ඉතිහාස කතාවන් ඉතාමත් හොදින් පරීක්ශා කිරීමෙන් පසුව මෙය සදහා යොදා ගෙන ඇති බව නම් පරිගණක ක්‍රීඩාවේ යෙදෙන කොයි කාටත් තේරෙනේ දෙයක්. මොකද මේ පරිගණක ක්‍රීඩාවේ යෙදෙද්දී ක්‍රීඩකයෙක්ට අදාළ ස්ථාන පිලිබදව සම්පුරණ විස්තරයක් දක්වන්න මේ පරිගණක ක්‍රීඩා නිෂ්පාදකයෝ සමත් වෙලා තියෙනවා.

දැන් එම පර්යේෂණ මගින් Notre-Dame දේවස්ථානය ප්‍රතිනිර්මාණයට උදව් ලබාගන්න කටයුතු කරලා තියෙනවා. ජනාධිපති Emmanuel Macron ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා පල්ලිය ගොඩ නැගීමේ අදහස. ඉතිං ඒ ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහය වෙන්න Assassin’s Creed Unity’s පරිගණක ක්‍රීඩාව සුදානමින් ඉන්නවා.

Notre-Dame කියන්නේ මේ පරිගණක ක්‍රීඩාවේ හදවත් කියලයි හුගක් අය හදුන්වන්නේ. ඉතින් මේ ස්ථානය පරිගණක ක්‍රීඩාවේ සදහන් ආකාරයටම ඒ බිත්තිවල සිතුවම් කර ඇති චිත්‍ර පවා යොදාගනිමින් ප්‍රතිනිර්මාණය කිරීමට Ubisoft ආයතනය හා ප්‍රංශ රජය දරන උත්සාහය ඉතාමත් සාර්ථකව කර ගැනීමට ශක්තිය ලැබේවා යන්න අපගේ පැතුමයි !

1 comment:

  1. Las Vegas - JT Hub
    JT 익산 출장안마 Hub is the 대전광역 출장샵 premier portal 통영 출장샵 for all Casino in 동해 출장안마 Vegas! We offer more than 1000 of the latest casino slots, blackjack, roulette, video 과천 출장샵 poker,

    ReplyDelete

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !