මොකක්ද මේ Google ලාගේ අලුත් Fuchsia ? - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Tuesday 5 February 2019

මොකක්ද මේ Google ලාගේ අලුත් Fuchsia ?

මොකක්ද මේ Google ලාගේ අලුත් Fuchsia ?





අපි හැමෝම දන්නා google සමාගම එයාලගේ වැඩ පටන් ගත්තේ search engine එකක් ලෙසය. නමුත් වර්තමානය වන විට email, social network, maps, Drive සහ තවත් විශාල සේවාවන් ගණනාවක් ම google ආයතනය විසින් ලබා දෙනවා. ඒ අතරේ තිබෙන ප්‍රධානතම දෙයක් තමයි අපි හැමෝම වගේ භාවිතා කරන android smart phone එකේ ක්‍රියාත්මක වෙන මෙහෙයුම් පද්ධතිය හෙවත් Operating System එක වන android. නිදහස් මෘදුකාංගයක් විදියට release කරපු android මේ වෙනකොට version 9.0 දක්වා වැඩි දියුණු වෙලා තියෙනවා. 

Fuchsia වල ඉතිහාසය


google ලාගේ මෙම නවතම OS එක ගැන මුලින්ම අහන්න ලැබුනේ 2016 GitHub එකෙහි ය. නමුත් එහිදී වුවද google සමාගම මෙම OS එක පිළිබඳව කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු නොකරන ලදී. google සමාගම සතුව දැනට පවතින android හෝ Chrome OS මෙන් නොව මෙම Fuchsia OS එක ලිනක්ස් මත පදනම් වු එකක් නොවන බව දැක්වෙනවා. එය පදනම් වී ඇත්තේ google සමාගමේ ම micro kernel එකක් වන Zircon මත වෙයි, Travis Geiselbretch විසින් මෙම නව kernel එක වැඩිදියුණු කර තිබෙනවා. පදනම් වූ kernel එක අලුත් එකක් වුවත් මෙම නව OS ඒකට smart phone , tablet සහ desktop computers වල එක සේ ධාවනය කිරීමට හැකියාව තිබෙන බව පැවසෙනවා. 2017 මැයි මාසයේ මෙම Fuchsia මෙහෙයුම් පද්ධතියට නව UI එකක් ලැබෙන අතර එක්තරා developer කෙනෙක් පවසන ආකාරයට මෙය test ප්‍රොජෙක්ට් එකක් ම පමණක් නොවෙන අතර google සමාගමේ දීර්ග කාලීන සැලසුමක් අනුව සිදු වුවක් බව පැවසෙනවා.

ඇයි Fuchsia


අපි හැමෝම දන්නා ප්‍රසිද්ද රණ්ඩුවක් තමයි android vs apple කියන්නේ! මෙහිදී Customization සහ user access අතින් android ඉස්සරහින් හිටියත් Devices අතරේ compatibility එක අතින් apple devices ඉදිරියෙන් ඉන්නවා කියන එක හැමෝම පිළිගන්න දෙයක්. ඔබට මෙම devices අතරේ වඩාත් හොද compatibility එකක් ලබා දෙන්න මෙම Fuchsia OS ඒකට පුළුවන් වෙනවා. බොහෝ දුරට android සහ chrome OS යන දෙකම වෙනුවට අනාගතයේදී google සමගම විසින් මෙම නව මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු තබාගන්න පුළුවන්. 



කවදා වගේ ඒවිද



මෙම නව මෙහෙයුම් පද්ධතිය අද හෙට ම නිකුත් වේවි කියල නම් බලාපොරොත්තු තියාගන්න බැරි වේවි. මොකද මේක තවම developing අවස්ථාවේ තිබෙන බැවින් සහ වර්තමානයේ ඉතා හොඳින් ක්‍රියාත්මක වන android මෙහෙයුම් පද්ධතිය වෙනුවට මෙය ලබා දීමේදී සැලකිලිමත් විය යුතුව තිබෙනවා. වර්තමාන සැලසුම් අනුව මුලින් ම මෙම OS එක google සමාගමේ google home ආදී devices වලටත් ඉන් පසුව laptop සඳහාත් එම devices වලදී පාරිභෝගික මතයන් විමසා බලා අවසානයේ smart දුරකථන වලටත් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. Fuchsia OS ඒකට දැනටත් android apps ධාවනය කිරීමේ හැකියාව පවතින බැවින් App store එකක අඩු පාඩුවක් සිදු නොවන බවට අපිට විශ්වාසය තබා ගත හැකිය. 



තවත් දිනක මෙවන් ලිපියකින් හමුවෙමු. 


ම ලිපියේ අඩංගු සියලුම images වල ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. 


No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !