තාක්ෂණය ගැන ඔයා නොදන්න ඒත් දැනගත යුතුම කරුණු 10 ක් - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Saturday 2 March 2019

තාක්ෂණය ගැන ඔයා නොදන්න ඒත් දැනගත යුතුම කරුණු 10 ක්



ඔයා නොදන්න හැබැයි දැනගන්න ඕනා කරුණු 10ක් මෙන්න. බලන්න අරුම පුදුම දේවල් නිසා අද තාක්ෂණය දියුණු වෙලා තියෙන හැටි.

 

01. ලොව ප්‍රථම කැමරාවට එක් ඡායාරූපයක් ගැනීමට පැය 8ක් ගත විය.


02 ඇපල් සමාගමේ පළමු ලෝගෝ එක නිර්මාණය කර තිබුණේ සර් අයිසෙක් නිවුටන් ගේ හිසට ඇපල් ගෙඩියක් වැටෙන ලෙස දිස්වන ලෙසය

 



03. එක දිගට දවස් 30ක් මනුශයෙකුගේ අධීක්ෂණයක් නොමැතිව වැඩ කළ හැකි කර්මාන්ත ශාලාවක් ජපානයේ ඇත මෙම කර්මාන්ත ශාලාව රොබෝවරුන් විසින් ක්‍රියාත්මක වේ.



04. නිවැරදි ආකාරයට අපද්‍රව්‍ය  බැහැර කරන්නන් හට නොමිලේ වයිෆයි ලබාදෙන විශේෂිත ඩස්බින්  වර්ගයක් මෙක්සිකෝවේ මාර්ග ආශ්‍රිතව දැක ගත හැක.



05. 1982 දී ටයිම් සඟරාව විසින් "man of the year" ලෙස පරිගණකය නම් කර ඇත.



06. ලොව පළමු එලාර්ම්  ඔරලෝසුට නාද වීමට හැකියාව තිබුණේ  දිනකට එක් වරක් පමණි ඒ පාන්දර 4ටය



07. ඇපල් සමාගම විසින්  නිපදවූ ප්‍රථම අයිපෝඩ්  අනුරුව ස්ටීව් ජොබ්ස් හට ලබා දුන් අතර ඔහු එය වතුරට විසිකොට ඇත , එයින් මතු වූ පෙණ බුබුළු පෙන්වා ඔහු අදාල නිලධාරීන්ට පවසා ඇත්තේ ඇතුළත හිස් ඉඩ බොහෝ ඇති බවත් මෙය තව දුරටත් කුඩා කළ හැකි බවත්ය.



08. ලොව ප්‍රථම පරිගණක විද්‍යා Ph.D (Computer Science Ph.D.'s)  එක ලබාගෙන ඇත්තේ පූජක වරියක් (nun) විසිනි.




09. එකල facebook හී security දෝෂයක් ( security bug) සොයාගන්නා තැනැත්තෙකුට ඇමරිකානු ඩොලර් 500ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තෑගි කර ඇත.



10. තාක්ෂණික ලෝකයේ නොවැම්බර් 30 වෙනිදා  පරිගණක ආරක්ෂණ දිනය (“Computer Security Day") ලෙස හඳුන්වයි. 


තොරතුරු සැපයීම - ඒශාන් රවිශ්ක  
පිංතූර - LifeBuzz වෙබ් අඩවිය 

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !