ජංගම දුරකතනයක අදෝනාව - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Monday 15 April 2019

ජංගම දුරකතනයක අදෝනාව


හිතලා බලන්න ෆෝන් එකක් වෙන එක මොන වගේ  දෙයක්ද කියලා... කෑම පැයේදි මාව අතට ගන්න කට්ටිය පෝලිම් ගැගිලා ඉන්නවා, youtube එකේ වගේම තව බොහොමයක් වෙබ්සයිට් වල මගේ ලස්සන, මගේ වැඩ කෑලි ගැන වර්ණනා ගොඩායි මගේ අයිතිකාරයා මාව හැම තැනකම ගෙනියනවා , මමත් එයත් එක්ක  හොඳ කාලේ වගේම නරක කාලෙදිත්  වෙනසක් නැතුව එයා ලඟින්ම ඉන්නව , දුක හිතුන වෙලාවට එයාට සින්දුවක්  කියලා එයාව සනසනවා , මගේ අයිතිකාරය මාව එයාගේ යාළුවන්ටත් හඳුන්වා දෙනවා , කල් යන්න යන්න මගේ පවර් බට්න් එක පොඩ්ඩක් ලෙඩ දෙන්න ගන්නවා , කාලයත් එක්ක එක එක ජාතියෙ අලුත් ෆෝන් මාර්කට් එකට ඇවිත්...
දවසක් මාවම භාවිතා කරලා මගෙ අයිතිකාරයා අලුත් ෆෝන් එකක් ඕඩර් කළා  මාත් නිකන් හිටියේ නෑ ඕඩර් කරනකොට දෙපාරක් තුන් පාරක් රීබූට් වෙලා එයාව නවත්තන්න උත්සාහ කළා  ඒත් ඒකෙන් වුණේ  අලුත් ෆෝන් එකක් ගන්න මගේ අයිතිකාරයාව තව තවත් පෙළඹෙව්ව එක විතරයි :(  දවසක් මට දොරේ සීනුව නාද වෙනවා ඇහුනා  හ්ම්ම් එතකොට තමයි මම දැක්කේ මගේ අයිතිකාරයා අලුත් ෆෝන් එක පෙට්ටියෙන් එළියට ගන්නවා එයාගේ  ඒ හිනාව , ඒ සතුට මට තාම හොඳට මතකයි මීට අවුරුදු දෙකකට කලින් මාවත් ඔය වගේ පෙට්ටියෙන් එලියට ගන්නකොට එයා ඔයවගේම සතුටෙන් හිටියා මට මතකයි  ,
එයා මාව අන්තිම වතාවට තව එකම එක පාරක් අතට ගත්තා වෙන මොකටවත් නෙවෙයි එයාගෙ අලුත් ෆෝන් එකේ ෆොටෝ එකක් අරන් යාළුවන්ට පෙන්නන්න,  ඊට පස්සේ මාව ඕෆ් කරලා මගෙ සිම් එක ගලවලා ආයෙත් කවදාවත් අතට නොගන්න මාව ලාච්චුවකට දාලා වැහුවා , මම කල්පනා කරන්නේ මට වැරදුනේ කොහෙද කියලා  ඒ බැට්‍රි ලයිෆ් එක මදි නිසාද? කැමරාව සවුත්තු නිසාද?  මගේ පවර් බට්න් එක නිසාද?  මම මේවා හිත හිත මේ ලාච්චුව ඇතුලෙ වැතිරිලා ඉන්නවා මගේ බැට්‍රිය සම්පුර්ණයෙන්ම බැහැලා යනකල් එතකොට අඩුම ගානේ මම හොඳ ජීවිතයක් ගතකළා කියලා සැනසිල්ලේ  නිදා ගන්න පුළුවන්...

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !