About Us - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

About Us

[full_width]
ශ්‍රී ලංකාව නමින් පුංචි රටක ඉපදුන සිංහල භාෂාව කතා කරන අපිට ලෝකේ ජයගන්න බැයිද ? නෑ අපි හැමෝටම ඒක පුලුවනි. අද ලෝකේ ගොඩක් ලොකු තැන් ලංකාවේ අපේ බුද්ධිමතුන් අතින් පාලනය වෙනවා කියලා ඔයා නොදන්නවත් ඇති. ඒත් ලංකාවෙන් බිල් ගේට්ස්ලා වගේ උදවිය බිහිවෙන තත්ත්වය හුගක් අඩු වෙලා තියෙන්නේ මේ භාෂාව ප්‍රශ්නයක් කරගෙන තියන එකයි. ඒත් ඒ කිසිම තත්වයක් ගැටලුවක් කරගන්නේ නැතුව ලෝකේ මහාචාර්යවරයාගේ ඉදන් දුප්පතා දක්වා තාක්ෂණික දැනුමින් යාවත්කාලින වනවා සේම අපේ ලංකාවේ මේ සියල්ල ගවේෂණය කරන තරුණ කොල්ලෝ විතරක් නෙමෙයි තරුණ කෙල්ලන්ටත් මා හැගි උපකාරයක් කරන්නයි e-අපි Team එක පුංචි විදියට පටන් අරගෙන කාටත් රහසින් මේ ගමන යන්නේ.

e - අපි කියන්නේ මහ ලොකු ප්‍රයිවට් ලිමිටඩ් කොම්පැනියක් නම් නෙමේ. කොටින්ම කියනවනම් මේ බ්ලොග් සයිට් එක උපන්නේ ඩොන්ගල් එහෙකින් ලැබුණු අන්තර්ජාල පහසුකම් නිසා.මෙහෙම ටිකෙන් ටිකේ ඉස්සරහට යද්දි තාමත් google ආයතනේ නොමිලේ දෙන blogger පහසුකම් ඇතුලේ මේ සයිට් එක දුවන්න ප්‍රධානම හේතුව ආර්ථික ප්‍රශ්න තමා. Domain එකක් අරන් Host කරන්න තියෙන පුංචි ගැටලු නිසා අපි තාමත් හැංගි හොරා දැනුම වැඩි දියුණු කරනවා.

මේ වගේ ගමනක් එන අතරතුර ලංකාවේ හමුවුණු තවත් වෙබ් පිටු අතර TechNews.LK වගේ ගුරු තනතුරේ තියාගෙන හිටපු නිතරම අප්ඩේට් වෙන ඔවුන් ගැනත් මතක් කරන්න ඕනි. ඒ වගේම ස්වේච්ඡා සහයෝගය දෙමින් ඔයාලා වගේම සයිට් එකේ එහා මෙහා ගිය කොල්ලො කෙල්ලො ටික නිසා වැටෙන පෝස්ට්වලිනුයි අපි පෝෂණය වෙන්නේ.
ඉතිං මේ වගේ ගමනක් එන්න හදවතින්ම උදව් කරපු අය අතරෙ Logo එක හදලා දීලා අපේ ගමනට සප් එක දුන්නු Ravidu Dilshan වගේම නිතරම සප් එක දෙන අපේ Techie Founder කසුන් අයියටත්, Techie Author අසේලටත් අනේක වාරයක් ස්තූතිය පුද කරනවා ! ඒ වගේම Mr Terabyte ගැනත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. Analog Beings සමූහයේ Discord Server එක පවත්වාගෙන යන ගමන් සයිට් එක පොඩ්ඩක් උස්සලා ගන්න පුංචි අත් උදව්වක් හෝ දීලා ඔහු කරපු උදව් වෙනුවෙන්ම ඔන්න ඔය එහා පැත්තෙන් තියෙන පුංචි බෝලේ ( Discord Logo )  ක්ලික් කරලා ඔහුගේ server එකට බැඳෙන්න කියලත් ඉල්ලිමක් කරන්න ඕනා. ඒ වගේම Telegram සමාජ ජාලයේ එහා මෙහා සැරිසරද්දි active සහ supportable එකම සමූහය තමයි ලින්ක්ස්.lk කියන්නේ. මේක කරගෙන යන ඒශාන් අයියටත් තුති !

අපි ගැන කියන අතරතුර මෙතෙන්ට ආපු ඔයාලාගෙන් ඉල්ලන්න පුංචි ඉල්ලිම දෙකක් තියෙනවා. පලවෙනි එක තමා authors ලා අඩුකම. ඔයත් කැමතිනම් e- අපි සාඩම්බර කතෘ කෙනෙක් විදිහට අපිත් එක්ක එකතු වෙන්න යන්න Contact Us පිටුවට. ගිහින් අපිට කතා කරන්න.  අනිත් එක තමා "Donate අපි" පහසුකම. ඒක ඔයාගේ කැමත්තක්. ඒක ගැන දැනගන්න යන්න Donate අපි පිටුවට.

ඉතිං එදා මෙදා තුර කී නොකී දස දහසක් කතා අතර අපේ පිටුවට යන එන ඔයාලටත්, උදව් කරන වගේම අන්තර්ජාලයට පිවිසෙන්න Network Connection දෙන ආයතන පවා නොතිබෙන්න අපි තවමත් ගමේ වෙලේ දුව පැනලා සෙල්ලම් කරන අර පොඩි පැටවු. ඉතිං Made in Sri Lanka කියලා ආඩම්බරයෙන් හැප්පෙන්න හදන ලොකු ලොකු සයිට් අතරේ අපේ සිංහ පැටවුන්ට මේ පුංචි සයිට් එකේ පටන් ගැන්ම සුපිරි අවසානයක් ඇති වේවි. මේ සිංහ පොඩි පැටවුන්ට ලෝකය ජයගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා යන්න අපේ පැතුමයි !