රාවණාවෝ අභ්‍යවකාශයේ - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Saturday 20 April 2019

රාවණාවෝ අභ්‍යවකාශයේ


පේරාදෙණිය විශ්වවිද්‍යාලයයෙන් විදුලි හා විද්යුත් ඉංජිනේරු උපාධිය හදාරා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින තරිදු දයාරත්නත් , එංගලන්තයේන් විද්යුත් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හදාරා පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි දුලානි චාමික විතානගේ යන දෙදෙනා මෙම රාවණා 1 නිර්මාණයට දායක වුණා.

ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේදී මෙය නිපදවා තිබෙනවා. රාවණා 1 යනු ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවක් වන අතර එය ඝනක චන්ද්‍රිකාවක් ලෙසද හැඳින්වෙනවා. ප්‍රමාණයෙන් ඝන සෙන්ටිමීටර 1000  වන මෙය බරින් කිලෝග්‍රෑම් 1.1ක් වේ.


මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශ යානයක් හරහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවා එහිදී කක්ෂ ගත කිරීමට නියමිතයි.මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ ඒ සඳහා රාවණා නමින් නම තැබීම සිදු කරන ලද්දේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය විසිනි.

මෙයින් අපේක්ෂිත අරමුණ


  1. ශ්‍රීලංකාවේ හා ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
  2. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතා කිරීමට නියමිත 'ලෝරා මොඩියුල් ' නම් දත්ත බාගත කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මෘදුකාංග අත්හදා බැලීම.
  3. චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිතා කරන දෘඪාංග වෙනුවර මෘදුකාංග භාවිතා කිරීම.
  4. කක්ෂ ගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකැවෙන වේගය අඩු කිරීම.
  5. පෘථිවියේ චුම්බක ශක්තිය අධ්‍යනය කිරීම.
මෙය පෘථිවියේ සිට 400Km දුරින් කක්ෂ ගත කිරීමට නියමිතයි.  එහි අවම ආයු කාලය අවුරුදු 1.5ක් වන අතර අවුරුදු 5ක් දක්වා ක්‍රියා කිරීමට හැකි බව විශ්වාසයයි.

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !