ඇමෙරිකානුවන් මිලියන 15ක් ෆේස්බුක් හැර යයි! - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Saturday 9 March 2019

ඇමෙරිකානුවන් මිලියන 15ක් ෆේස්බුක් හැර යයි!



සමාජ මාධ්‍ය කියන්නේ වයස් භේදයකින් තොරව කා අතරත් ජනප්‍රිය දෙයක්, හැබැයි ගතවූ වසර දෙක තුල සමාජ මාධ්‍ය භාවිතය ඉතාමත් දරුණු ලෙස පහත වැටිලා කියලා තමයි නවතම වාර්තා පෙන්වලා දෙන්නේ මේ අතරිනුත් ලොකුම පහර එල්ලවෙලා තියෙන්නේ ෆේස්බුක් සමාජ ජාලයට 2017 වසරේදි ඇමරිකානුවන් 67% ෆේස්බුක් භාවිත කරලා තිබුනත් 2018 දි එම අගය 62% දක්වා පහලට වැටී ඇති අතර 2019 මුල් මාසවලදීම එම අගය 61% ලෙස පහල වැටිල තියෙනවා ඒ කියන්නේ ඇමරිකානුවන් මිලියන 15කට අධික සංඛ්‍යාවක් මේ වෙනකොට ෆේස්බුක් භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා.


සමීක්ෂණ වාර්තා වලට අනුව පසුගිය වසර දෙක තුල ෆේස්බුක් සමාජ ජාලයේ තිබූ දෝෂ නිසා භාවිතා කරන්නන්ගෙ පෞද්ගලික තොරතුරු බොහොමයක් පිටස්තර පුද්ගලයන් අතට පත් වුණා ඇමරිකානුවන් කියන්නෙ තමන්ගේ පෞද්ගලිකත්වයට මුල් තැන දෙන ජාතියක් ඉතින් මේ හේතුව නිසා ඇමරිකානුවන් දිනෙන් දින ෆේස්බුක් අතහැරල යන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.





ෆේස්බුක් සහ ට්විටර් වලින් මෙහෙම යුසර්ස්ලා අයින් වෙද්දි ඉන්ස්ටග්‍රෑම් සහ ස්නැප් චැට් වලට නම් හොඳ කාලයක් ලබලා කියලා මේ වර්තා වලින් පෙනවා දෙනවා හේතුව තමයි මේ සමාජ ජාල අඩවි දෙකේම පසුගිය වසර තුල භාවිතා කරන්නන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නනවා

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !