Microsoft ආයතනයට ඇත්තටම අවශ්‍ය IE ව ඝාතනය කරන්නද ? - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Saturday 16 February 2019

Microsoft ආයතනයට ඇත්තටම අවශ්‍ය IE ව ඝාතනය කරන්නද ?



ඔබ තවමත් Internet Explorer ඔබේ default browser එක විදිහට පාවිච්චි කරනවද ? එහෙනම් එය ඉක්මනින් වෙනස් කරගන්නට අවශ්‍යයි.

ගිය බදාදා දිනයේදී පලවූ Blog Post එකක, මයික්‍රෝසොෆ්ට් ආයතනයේ ප්‍රධාන නිර්මාණශිල්පී Chris Jackson සදහන් කලේ නූතන web browsers භාවිතා කිරීම IE එහෙමත් නැත්නම් Internet Explorer තමන්ගේ පරිගණකයේ default browser එක විදිහට භාවිතා කිරීමට වඩා හොද බවයි.

"නව ප්‍රමිතීන්වලට සාදන වෙබ් අඩවි සදහා IE ඇතැම් විටෙක සහය නොදක්වන නිසා බොහෝ පරීක්ෂකවරුන් හා පුද්ගලයින් වෙනත් web browsers භාවිතා කිරීමට පෙළඹී ඇත." - Chris Jackson
ඔහු තවදුරටත් සදහන් කලේ web traffic සම්බන්ධයෙන් IE සමග යම් යම් ගැටලු ඇති බවය. යම් හෙයකින් ඔබේ වෙබ් අඩවිය IE හරහා නිර්මාණය කලේ නම් එය හොද වගේම ඕනෑම web browser එකකට භාවිතා කල හැකි වන නමුත් මේ 2019 අවුරුද්දේ එවැනි වෙබ් අඩවි බලාපොරොත්තු නොවිය හැකි තරම් තාක්ෂණය දියුණු වී ඇති බවයි.

Chris Jackson විශේෂයෙන්ම ප්‍රකාශ කලේ ඔහු කිසි විටෙකත් IE භාවිතා නොකරන්න යැයි නොපවසන බවයි. නමුත් සියලු වැඩකටයුතු සදහා නම් එය භාවිතා නොකරන්න කියායි ඔහු ඉල්ලා සිටින්නේ.

"මම වෙනත් web browsers හොදයි කියලා දැන්විමක් දානවා නෙමේ "  ඔහු මෙයින් කියා සිටින්නේ තමන්ගේ web browsers එක තමන්ගේ තේරිමට අනුව භාවිතා කල යුතු බවයි.

IE සම්බන්ධයෙන් මෙහෙම ගැටලු තිබුණත් Microsoft Edge Web Browser එක නම් ඉතාමත් හොද වගේම friendly web browser එකක් කියලා තමයි ඔවුන් පවසන්නේ.

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !