Google+ අපගෙන් වෙන් වීමට දින නියම කරලා - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Saturday 2 February 2019

Google+ අපගෙන් වෙන් වීමට දින නියම කරලා


පසුගිය ඔක්තෝබර් මාසයේ Google+ සේවාවට එල්ල වූ විශාල හැකින් ප්‍රහාරයක් නිසා මෙය නවත්වා දමන බව ඔවුන් දැනුම් දුන්න. මෙය නිසා විටින් විට එලියට එන Google+ ප්‍රොෆයිල්වල දත්තවල ආරක්ෂාකාරි බව හේතුවෙන්ම මෙම සේවවා නැවැත්වීම ඉතාමත් කෙටි කාලයකින් සිදු කරන්නටයි ඔවුන් සැරසෙන්නෙ. ඔවුන් මේ වනවිටත් අප්‍රේල් මාසයට පෙර Google+ හිමිකරුවන් කටයුතු කර යුතු ආකරය පිලිබදව නිවේදනයක් නිකුත් කරලා.

ඔවුන් පවසන අකාරයට පෙබරවාරි 4 වනදා සිට දත්ත මකා දැමීම සිදුවන අතර එදිනට පසුව නැවත Google+ profiles, pages, communities සහ events අලුතින් නිර්මාණය කිරීම නවතා දමනවා.එමෙන්ම Google+ Comments ක්‍රමවේදය පෙබරවාරි 4 වනදායින් පසුව Blogger වෙබ් අඩවිවල නවතා දමන අතර මාර්තු 7 වනදා සිට අනෙක් වෙබ් අඩවිවල මෙය අක්‍රීය කරනු ඇත. ඒ අනුව අප්‍රේල් 2 වන විට සියලුම පල කල comments සයිබර් අවකාශය තුලින් සදහටම නික්මෙනු ඇත.

නීතිමය ගැටලු නිසා Google notes හැර අනෙක් සියල්ලම අප්‍රේල් 2 වන විට මකා දමන බවයි ඔවුන් පවසන්නේ.ඒ අනුව ඔබගේ දත්ත සුරක්ෂිත කරගන්නා ආකරය පිලිබදව ඔවුන් පියවරෙන් පියවර විස්තර කර දී තිබෙනවා.Google+ හි පින්තූර Google Photos සදහා backup වන නිසා එවා මකා දැමීමට කටයුතු නොකරන බවයි පවසන්නේ.

ඔබ යම් තැනක Sign in වීමට Google+ Sign in පහසුකම යොදාගෙන ඇත්නම් එය ඉවත් වන අතර ඒ සදහා සමහර අවස්ථාවල දී Google ගිණුම යොදාගනිමින් Google Sign in පහසුකම replace වනු ඇත.

Google+ දත්ත මකා දමනු තුරු සමහර විටෙක ඔබගේ ගිණුම සදහා පිවිසිය හැකි බව ඔවුන් පවසනවා.නමුත් G suit පාරිභෝගිකයන්ට නම් මේ සේවාව අහිමි වීම වෙනුවට නව පෙනුමකින් සහ අලුත් පහසුකමවලින් මෙය භාවිතා කිරීමට හැකි වෙයි.

ඔබටත් මේ බව gmail පණිවිඩයකින් Google සමාගම දැනුවත් කරලා තියෙන නිසා ඉක්මනින් Gmail පණිඩිය ඔස්සේ ඔවුන්ගේ පියවර අනුගමනය කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

පුරා වසර 8ක් එදා මෙදා තුර Google account නිසා නොමිලේ ලැබෙන ආරක්ෂාකාරී ලෙස මෙම සේවාව හා හිදි ඔබටත් එය වෙන් වනතෙක් Google+ සමග සිටිය හැකියි.එයට පෙර ඔබගේ තොරතුරු හැකි ඉක්මනින් backup කිරීමට කටයුතු කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.
එසේනම් Google+ ඔබට Good bye!

1 comment:

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !