ස්මාට් ෆෝන් එකෙන් ෆොටෝස් ගමු - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Saturday 2 February 2019

ස්මාට් ෆෝන් එකෙන් ෆොටෝස් ගමු


 අද කාලේ හැමෝගෙම අතේ තියෙන දෙයක් තමයි ස්මාට් ෆෝන් එකක්. වර්තමානයේ එන ගොඩක් ස්මාට් ෆෝන් වල සෑහෙන්න හොඳ මට්ටමක කැමරාවක් එනවා. බොහෝ පිරිසක් ස්මාට් ෆෝන් එකක් මිලදී ගැනීමේදීත් මුලින් ම හොයලා බලන දෙයක් තමයි කැමරාව කොහොමද කියන එක. ඒ උනත් අපි මේ අතේ තියෙන ස්මාට් ෆෝන් කැමරා එකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනයක් ගන්නවද?
අතේ තියෙන ස්මාට් ෆෝන් කැමරා එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න උදව් වෙන ට්‍රික්ස් ගැන මේ ලිපියෙන් හොයලා බලමු.

එකවර ෆොටෝස් කිහිපයක් ගන්න

    
මේ දේ ගොඩක් අය විසින් නොකරන දෙයක්. එක අවස්ථාවක ෆොටෝස් කිහිපයක් ලබාගැනීමෙන් අපිට වාසි ගොඩක් තියෙනවා. විශේෂයෙන් පුද්ගලයන් ගේ ෆොටෝස් ගැනීමේදී ගොඩක් වෙලාවට සමහර ය ෆොටෝ එක ගන්න වෙලාවේ ඇස් පියාගෙන හෝ වෙන පැත්තක් බලාගෙන ඉන්න අවස්ථා අපිට ඕන තරම් හමු වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක ෆොටෝස් කිහිපයක් ලබාගෙන තිබීම වැදගත් වෙනවා. එතකොට අපිට ඒ ෆොටෝස් අතරින් හොදම එක තෝරාගෙන අනෙකුත් ෆොටෝස් පසුව ඩිලීට් කරන්න පුළුවන්. තවද ලෑන්ඩ්ස්කේප් හෝ ලස්සන පරිසරයක ෆොටෝස් ගැනීමේදීත් එක වර ෆොටෝස් කිහිපයක් ලබාගෙන පසුව ඒවා අතරින් හොදම එක තෝරාගන්න පුළුවන්. මෙලෙස ෆොටෝස් කිහිපයක් ගැනීමේදී ෆෝන් එකේ පිහිටීමේ පොඩි වෙනස්කම් කරමින් වෙනස් කෝණ වලින් ෆොටෝස් ගැනීමෙන් තවත් හොද ෆොටෝ එකක් ලබාගැනීමේ අවස්ථාව වැඩි වෙනවා. මේ සදහා කැමරා ඇප් එකේ තියෙන burst mode එක භාවිතා කරන්නත් පුළුවන්.

කැමරා ඇප් එක ගැන හොදින් දැනගන්න




බොහෝ දෙනෙක් ස්මාට් ෆෝන් කැමරාවකින් ෆොටෝස් ගැනීමේදී auto mode එක විතරක් භාවිතා කරන බව පෙන්න තියෙනවා. කවදාවත් auto mode එකෙන් විතරක් කැමරාවේ උපරිම හැකියාවන් ලබාගන්න බෑ. ඒ නිසා තමන්ගේ ස්මාට් ෆෝන් එකේ කැමරා ඇප් එක open කරලා එහි තිබෙන සියලුම modes භාවිතා කරලා බලන්න. මැනුවලි වෙනස් කරන්න පුළුවන් සෙටින්ග්ස් දෙපැත්තටම වෙනස් කරලා බලන්න output ෆොටෝ එක මොන විදියට ද වෙනස් වෙන්නේ කියලා. එකෙන් තමන්ට අදහසක් ගන්න පුළුවන් කැමරා ඇප් එකේ සෙටින්ග්ස් භාවිතා කරන්න ඕන විදිය ගැන. තවද අපි auto mode එකෙන් ෆොටෝ එකක් අරගෙන gallery එකේදී ඒ ෆොටෝ එකේ details බැලුවොත් අපිට ඒ ෆොටෝ එක ගත්ත අවස්ථාවේ කැමරා එකේ සෙටින්ග්ස් වල අගයන් බලාගන්න පුළුවන්, උදාහරණයක් විදියට shutter speed, iso අගය සහ white balance එක වගේ දේවල් බලාගන්න පුලුවන්. එතකොට ඒ අවස්ථාවට සමාන අවස්ථාවකදී නැවත ෆොටෝ එකක් ගන්නවා නම් තියෙන්න ඕන මැනුවල් සෙටින්ග්ස් ගැන දළ අදහසක් එකෙන් ගන්න පුළුවන්. කැමරා ඇප් එකක මැනුවල් සෙටින්ග්ස් ගැන වෙනම ආර්ටිකල් එකක් ඉදිරි කාලයේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන්ගේ ස්මාට් ෆෝන් එකේ කැමරා ඇප් එකේ සෙටින්ග්ස් මදි වගේ දැනෙනවා නම් ඕනෑ තරම් 3rd party ඇප්ස් ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා. ඒවා ට්‍රයි කරලා බලන්න පුළුවන්. තමන්ගේ ස්මාර්ට් ෆෝන් ඒකට සපෝර්ට් කරන ගූගල් කැමරා apk එකක් හොයාගන්න පුළුවන් නම් ඔයාලගේ ස්මාට් ෆෝන් ෆොටෝස් සැහෙන්න වැඩිදියුණු කරගන්න පුළුවන්.

ෆ්ලෑෂ් එක ඇත්තටම ඕනද?




ස්මාට්ෆෝන් කැමරාවත් එක්ක නොවරදීම ආව අංගයක් තමයි ෆ්ලෑෂ් එක. මීට වසර කිහිපයකට පෙර ස්මාට් ෆෝන් කැමරාවක අඳුරේ ෆොටෝස් ගැනීමේ හැකියාව ඉතාමත් දුර්වල නිසා ෆ්ලෑෂ් එක අනිවාර්ය අංගයක් වුණා. නමුත් වර්තමානය වන විට ෆ්ලෑෂ් එක භාවිතා කිරීමෙන් තොරව ඉතාමත් හොද මට්ටමේ ෆොටෝ එකක් ලබාගැනීමේ හැකියාව තිබෙන කැමරා ස්මාට් ෆෝන් සතුව තිබෙනවා. ඇතැම් විට ෆ්ලෑෂ් එක භාවිතා කිරීම නිසා හොද ෆොටෝ එකක් විනාස වීමටද ඉඩ තිබෙනවා. මැනුවල් සෙටින්ග්ස් කිහිපයක් වෙනස් කිරීම මගින් ෆ්ලෑෂ් එක භාවිත කිරීමෙන් තොරව මද අදුරු අවස්ථා වල ෆොටෝස් ගන්න පුළුවන්. මැනුවල් සෙටින්ග්ස් වෙනස් කරමින් ෆොටෝස් කිහිපයක් ලබාගැනීම මගින් මෙම සෙටින්ග්ස් වෙනස් කිරීම පිළිබඳව දළ අදහසක් ගන්න පුළුවන්. තවදුරත් ෆොටෝස් එඩිට් කිරීමේදී මද අදුරක් පවතින අවස්ථා වලදී ඒවා ආලෝකවත් කිරීම පහසුවෙන් කල හැකිය. එම නිසා ඉතාම දැඩි අඳුරක් පවතින අවස්තාවලදී හැර, ෆ්ලෑෂ් භාවිතා නොකිරීමෙන් වඩාත් හොද ෆොටෝ එකක් ලබාගන්න පුළුවන්.

ඉර ෆොටෝස් වල යොදාගැනීම

ගොඩක් දෙනෙක් දන්නා දෙයක් තමයි ඉර එලිය කැමරා ලෙන්ස් ඒකට වැටෙන විදියට ෆොටෝ ගත්තම ෆොටෝ එක කළුවර වෙනවා කියන එක. එක වෙන්නේ කැමරාවේ exposure අගය ඒ එලියට අවශ්‍ය විදියට හැදෙන නිසා. ඒ නිසා පුද්ගලයෙක් ගේ ෆොටෝස් ගැනීමේදී ඉර එලිය ඒ පුද්ගලයා මතට වැටෙන කෝණයකින් ෆොටෝස් ගන්න. එසේත් නොමැතිව නිර්මාණාත්මක ෆොටෝස් ගන්න පුළුවන් ඉර එලිය භාවිතා කිරීමෙන්. විශේෂයෙන් ම ඉර බහින හවස් කාලයේ. එවැනි ෆොටෝස් කිහිපයක් මෙහි දක්වා තිබෙනවා. මෙම ෆොටෝස් මා විසින් ලබාගත් ෆොටෝස් වන අතර ඉතා ඉහල පහසුකම් වලින් යුතු flagship දුරකතනයකින් ලබාගත් ඒවාද නොවන බව සලකන්න.





HDR භාවිතා කිරීම



වර්තමානයේ බොහෝ ස්මාට්ෆෝන් කැමරා වල HDR පහසුකම ඇතුලත් කර තිබෙනවා. exposure අගයන් කිහිපයකින් ලබාගත් ෆොටෝස් කිහිපයක් එක මත එක stack කිරීමෙන් වඩාත් හොද වර්ණ වලින් සහ ආලෝක තත්වයන් ගෙන් යුතු ෆොටෝස් ලබාදීම HDR මගින් සිදුකරනවා. ඇතැම් කැමරා ඇප් auto HDR පහසුකම ලබා දෙන අතර ඇතැම් ඒවායේ එය මැනුවලි ඔන් කල යුතු වෙනවා. ලෑන්ඩ්ස්කේප් සහ cityscape ෆොටෝස් වලදී HDR හොදටම පර්ෆොර්ම් කරනවා. පසුගිය කාලයේ AI තාක්ෂණය සමග HDR ෆොටෝස් ගොඩක් වැඩිදියුණු වී තිබෙනවා. විශේෂයෙන් ම ගූගල් පික්සල් දුරකථන වල එන ගූගල් කැමරා ඇප් එකෙහි HDR + mode එක මගින් ඉතාමත් හොද ෆොටෝස් ලබාදෙනවා.

Tripod එකක් භාවිතා කිරීම



අඳුරු අවස්ථා වල ෆොටෝස් ගැනීමේදී කැමරාවට ආලෝකය ලබාගැනීම සඳහා තරමක වැඩි කාලයක් shutter එක විවර කර තබනවා. ඒ කාලය ඇතුලත සිදුවන කුඩා සෙලවීමක් නිසා වුනත් ෆොටෝ එක බ්ලර් වීමට ලක් වෙනවා. ඒ නිසා තමයි මද අදුරේ ගන්න ෆොටෝස් ගොඩක් බ්ලර් වෙලා එන්නේ. එක නැවත්වීමට tripod එකක් භාවිත කිරීම තමයි වඩාත් සුදුසු. නමුත් අපි ගමනක් යන අවස්ථාවක හෝ හදිසියේ ෆොටෝ එකක් ගන්නා අවස්ථාවක tripod එකක් ළඟ නොතිබෙන්න පුළුවන්. එවන් අවස්ථාවක ෆෝන් එක අවට තියෙන කුමක් හෝ නිශ්චල වස්තුවකට හේත්තු කර තබා timer එක භාවිතයෙන් ෆොටෝස් ගැනීම වඩාත් සුදුසුයි. රාත්‍රී ෆොටෝස් සහ light painting ෆොටෝස් සඳහා මෙම ක්‍රම භාවිතා කිරීම මගින් වඩාත් සාර්ථක ඡායාරූප ලබාගැනීමට හැකිය.

ලෙන්ස් එක පිසදමන්න



අපි හිතනවට වඩා වැඩි දුවිලි ප්‍රමාණයක් ස්මාට්ෆෝන් ලෙන්ස් එක මත තිබෙනවා. එම නිසා හැම විටම ෆොටෝ එකක් ගැනීමට පෙර ලෙන්ස් එක පිසදැමීමට මතකතබාගන්න. එය පුරුද්දක් කරගැනීම මගින් ඔබට වඩාත් හොද ඡායාරූප ලබාගැනීමට හැකිවනු නොඅනුමානයි.

Google Photos යෙදුම භාවිතා කරන්න




සියලුම android ස්මාට් දුරකථන වලට එන google photos යෙදුම ගොඩක් දෙනෙක් අත්හැර දමනවා. නමුත් එය ඉතාමත් ප්‍රබල යෙදුමකි. google AI වලට සම්බන්ද බැවින් එහි ඇති ෆොටෝ එඩිටර් එක මගින් ඉතාම හොදින් ෆොටෝස් එඩිට් කරගැනීමට පුළුවන්. එහි ඇති auto fix ඔප්ෂන් එක භාවිතා කිරීම මගින් ඉතාමත් සාර්ථක output එකක් ලබාගන්න පුළුවන්. Google Snapseed යෙදුම ඉතාම හොද photo editor එකක් බව පැවසිය යුතුයි.

ඔබට crop කිරීමට හැකියාව තිබෙනවා




ස්මාට්ෆෝන් මගින් ෆොටෝස් ලබාගන්න බොහෝ දෙනෙක්ට අමතක වන ඉතාම කුඩා දෙයක් තමයි මේක. තමන්ට ලබාගත් ෆොටෝස් crop කිරීමේ හැකියාව තිබෙන බව. මෙමගින් ලබාගත් ඡායාරූපයක අනවශ්‍ය කොටස ඉවත් කර subject එක highlight කොට දැක්විය හැකිය. එම නිසා ඔබට crop කිරීමේ හැකියාව තිබෙන බව අමතක කරන්න එපා.

ඡායාරූපයට රේඛා කිහිපයක් ඇතුල් කරගන්න

මෙය තරමක සංකීර්ණ කරුණක්. මෙහි පවසන දේ නම්, ඔබ ලබාගන්නා ෆොටෝ ඒකෙහි පසුතලයට රේඛීය පෘෂ්ඨ කිහිපයක් තිබීම මගින් ෆොටෝ එකෙහි depth detail එක වැඩි වන බවයි, එනම් ඡායාරූපයට 3D පෙනුමක් ලැබෙන අතර subject එක highlight වී පෙනේ. එයට උදාහරණ ලෙස චයරුප කිහිපයක් මෙහි දක්වන්නම්. මා පවසන කාරණාව ඔබට වඩාත් හොදින් පැහැදිලි වේවි.



මෙහි ලී වේදිකාවෙහි තිබෙන lines නිසා මෙම ඡායාරූපයට depth එකක් එකතු වී ඇති ආකාරය
මාර්ගය දෙපස ගස් සහ මාර්ගයේ lines වලින් depth එකක් ලැබී ඇති අයුරු
මෙයද 2 D image එකක් වුවද යකඩ වැටෙහි ඇති lines නිසා depth එකක් ලැබී ඇති ආකාරය



මෙහි දක්වා ඇත්තේ ස්මාට් ෆෝන් මගින් ඡායාරූප ලබාගැනීමේදී ඒවා වැඩිදියුණු කරගත හැකි ට්‍රික්ස් කිහිපයක් පමණි. තවත් බොහෝ ක්‍රම ඒ සඳහා භාවිත කරනු ලබයි. ඔබගේ අදහස් හා යෝජනා අප වෙත යොමු කරන්න.

සියලුම ඡායාරූප වල ගෞරවය ඒවායේ මුල් අයිතිකරුවන්ට හිමිවිය යුතුය.

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !