මයික්‍රොසොෆ්ට් ආයතනය වින්ඩෝස් 10 යාවත්කාලීන කිරීම් ගැන අනතුරු අඟවයි - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Friday 1 February 2019

මයික්‍රොසොෆ්ට් ආයතනය වින්ඩෝස් 10 යාවත්කාලීන කිරීම් ගැන අනතුරු අඟවයි

  ඔයාගේ Storage එක ආහාරයට ගන්න අනාගත Windows 10 Updates

Microsoft ආයතනයේ එක්තරා බ්ලොග් අඩවියක සදහන් ආකාරයට අනාගත Windows 10 OS updates නිසා අපේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට ඇති ඉඩ ප්‍රමාණය වැඩි වන අතර ඔවුන් මෙම updates ස්වයංක්‍රීයව එවන්න කටයුතු කරනවා කියලා තමයි කියන්නෙ.

1903 අවුරුද්දෙදි 'Reserved Storage’ යනුවෙන් හදුන්වා දුන්නු මේ updates ක්‍රමය අද වෙනකොට usersලගේ හාර්ඩ් ඩිස්ක් එකේ බලහත්කාරෙන් අයිති කරගත්තු කොටසක් බවට පත් වෙලා.මේක “cannot be removed from the OS.”කියලා තමයි හදුන්වන්නෙ.

Microsoft program manager Jesse Rajwan බ්ලොග් පෝස්ටුවක පවසන විදියට OS මෙහෙයුම් පද්ධතිය අප්ඩේට් කිරීමේදී වින්ඩෝස් 10 පරිශීලකයන්ගේ හාර්ඩ් ඩිස්ක් එකෙන් 7GB පමණ ප්‍රමාණයක් මේ අප්ඩේට් සදහා පමණක්ම ගන්න බවයි. ඒ නිසා මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් මුලු හාර්ඩ් ඩිස්ක් එකෙන් සම්පූර්ණයෙන්ම 20GBට වඩා ප්‍රමාණයක් ගන්නවා.

"මෙම අප්ඩේට් හරහා සමහර ඩිස්ක්වල ඉඩ විවිධ ඇප්ස්,temporary files සහ system caches වෙනුවෙන් වෙන් කිරීමත් කාර්යක්ෂමව වැඩ කර ගැනීම උදෙසා පරිශීලකයාව දවසෛන් දවස යාවත්කාලීන කිරීමක් කරනවා. " යනුවෙන් Rajwan පවසා ඇත.
"යාවත්කාලීන කිරීමේදී අනවශ්‍ය ගොනු මකා දමා ඒ ස්ථානයට නව අප්ඩේට් ෆයිල් එක එකතු වනු ලැබේ.ඒ නිසා අඩු ඉඩක් තිබෙන ඔනෑම පරිගණකයකට වුවද අපහසුතාවයකින් තොරව මෙය අප්ඩේට් කරගත හැක " තවදුරටත් ඔහු පවසා සිට්යි.
එම බ්ලොග් පෝස්ටය තුළ මයික්රොසොෆ්ට් විසින් ද භාවිතා කරන ක්රම දෙකක් වින්ඩෝස් 10 පරිගණක සහ ලැප්ටොප් පරිගණක වල ගබඩා ප්රමාණය අඩු කර ගැනීමට හැකි වේ. මුලින්ම ඔවුන්ට අනවශ්‍ය ඇප්ස් uninstall කිරීමට හැකියි.ඒ සදහා,

Settings > Apps > Apps & features > Manage optional features. 

දෙවනුව භාවිතා නොකරන language සියල්ල uninstall කල හැකියි.

Settings > Time & Language > Language.

ඉතිං අපේ මේ හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ කන වින්ඩෝස් අප්ඩේට් ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා අනිත් අයට බලාගන්නත් එක්කලා Comment Section එකේ පොඩියට කොටාගෙන යන්න.

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !