App Store වෙතින් Facebook පන්නා දැමුවහොත් කුමකින් කුමක් වෙයිද ? - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Sunday 3 February 2019

App Store වෙතින් Facebook පන්නා දැමුවහොත් කුමකින් කුමක් වෙයිද ?



මෑතකදී Apple හා Facebook ආයතන අතර තිබූ සීතල යුද්ධය පෙර නොතිබූ මට්ටමේ දරුණු අතකට හැරෙන්නට පටන් ගත්තා. සැගවී පහර දෙමින් මෙන්ම විවිධාකාර හේතුන් නිසා මෙම ආයතන් දෙකම උණුසුම් තත්වයකට පත් වුණා. මෙම සගාම් දෙකේම ප්‍රධාන විධායක නිලධාරින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ ඉදිරිපත් කිරීමත් සමග මේ සතියේ නම් මේක දරුණු උනා කිව්වොත් නිවැරැදි. Apple ආයතනය කියන විදිහට නම් iOS සදහා එන Facebook Beta app එක මෙහි පාරිභෝගිකයන්ගේ හුගක් දේවල් අවසරයකින් තොරව monitor කරනවා මෙන්ම මේ නිසා Apple ආයතනය Facebook ලගේ හුගක් වැඩකටයුතු Block කරලා කියලා තමයි ඔවුන් පවසන්නේ. මේ නිසා Facebook ආයතනයේ enterprise developer certificates එක පිලිබදව ගැටලු ඇතිවෙනවා කියලා ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා.

මෙම අනතුරු ඇගවීම් අනුව Facebook App එක App Store එකෙන් Ban වෙයිදෝ යන්න සැකයකුත් තියෙනවා.

මෙම තීරණය Apple ආයතනය ක්‍රියාත්මක කලාට මෙච්චර ලේසියෙන් එය කරන්න බැරි බවත්, ඔවුන් පවසන ආකරයට Apple ආයතනයට එක බොත්තමක් එබීමෙන් සියලුම Facebook තහනම් කරන්න බැරි බවත් Facebook ආයතනය තවත් තැනක සදහන් කරනවා.

Apple ආයතනය Facebook තහනම් කලහොත් නම් ඔවුන්ට සිද්ධවෙනවා Instragram, Whatsapp, Facebook කියන ඇප්ස් 3ත් Facebook හා සම්බන්ධ වෙලා ඉන්නවා පොඩි පොඩි ඇප්ස් සියල්ලත් තහනම් කරන්න වෙන නිසා Apple ආයතනේට වෙනවා මේවගේ Developers ලා තහනම් කරන්න.මේ අගේ තීරනයක් ගත්තොත් එය මෙතෙක් ඉතිහාසයේ අමුතුම ආකරයේ තීරණයක් වෙයි (iOS developer Phill Farrugia The Verge වෙබ් අඩවියට කළ ප්‍රකාශයකි.)
Facebook ආයතනය මේක සුභ අතට හිතන්නේ නම් මෙහෙමයි.

ඔව් Apple ආයතනය මෙය තහනම් කරයි නමුත් Android Os වලට මේවගෙන් කිසිම බලපෑමක් වෙන්නෙ නෑනේ. Android Os එකේ ජනප්‍රියතාවය නිසාම ඒක එච්චර බලපෑමක් නෙමේ.මෙය අමතක කරලා දාන්න තරම් වටින්නේ, Facebook භාවිතා කරන බිලියන 2.3ක පරිශීලකයන්ගෙන් මේ පාඩුව අඩුම ගානේ  ඇමරිකා එක්සත් ජනපදයෙන් 1/10 ක ප්‍රමාණයකටවත් නැති නිසයි.
තවදුරටත් Apple ආයතනය පවසන අකරයට ;

මේ විදිහට Apple ආයතනෙන් Facebook තහනම් කරනවා කියන්නේ නම් Web Version එක යූස් කරන්න ජනතාව පෙලබෙන එකයි.Facebook කෙසේවෙතත් Instragram වලදි අඩුම ගානේ Photos Upload කිරීමකත් කරන්න අමාරුයි.මේ නිසා Facebook ආයතනයට මේ සම්බන්ධයෙන් ටිකක් හිතල බලන්න වෙනවා. (iOS developer Kiran Panesar The Verge වෙබ් අඩවියට කළ ප්‍රකාශයකි.)

මේ තත්වය මෙහෙම උණුසුම් වෙද්දි Facebook ආයතන නම් පවසන්නේ මේ තත්වය ගැන පාරිභෝගිකයන් බය නොවිය යුතු බවත් මෙය තවත් කුඩා මට්ටමේ ප්‍රශ්නයක් බවත්ය.නමුත් එක් තැනක Facebook සදහන් කරන පරිදි "Mobile Operating Systerm Partnersලා සමග අපේ සම්බන්ධතාවය ගැන තවදුරටත් හිතා බලන්න වෙනවා "  යන්නෙන් පෙනෙන්නේ මෙය ගැන Facebook ආයතනය දැඩි විමර්ශනයක ඉන්න බවයි.

මෙය සිදු නොවන තත්වයක් ලෙස අප තීරණය කලත් මේ සියල්ල යථාර්ථයක් කරමින් App Store වල Facebook තහනම් වුවහොත් නම් Apple පාරිභෝගිකයින් මෙය නිසා කෝප වනු නොඅනුමානය. Instragram, Whatsppa, Facebook වැනි ඇප්ස් App store එකෙහි නොමිලේ ලබා ගත හැකි ඇප්ස් නිසා මෙවා බොහෝ Apple Users ලා භාවිතා කරනවා. මෙවැනි ඇප්ස් නොතිබෙන්න Apple ආයතනය මෙතරම් ප්‍රසිද්ධ වෙන්නෙ නෑ කියලයි ජනතාව පවසන්නේ. මෙම සීතල යුද්ධය නිසා ඔවුන් මිනිසුන්ගේ ජීව්ත සමග සෙල්ලම් ක්‍රනවා කියලත් මේ පිලිබඳ අදහස් දක්වන ජනතාව පවසනවා.

Apple ආයතනය Facebook ආයතනය මෙන් නොවුනත් තරමක් හිතුවක්කාරකම වැඩි ඔවුන් සැරසෙන්නට යන මේ කටයුත්ත නිසා තාක්ෂණික ලෝකය උඩු යටිකරු වනු නොඅනුමානය යන්න මගේ හැගීමයි.

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !