ගූගල් සොහොන - 01 - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Tuesday 5 February 2019

ගූගල් සොහොන - 01


By Eshan,


 


අද අපි කියන්න යන්නේ සොහොනක් ගැන නිකන්ම සොහොනක් නෙමෙයි  මේ තමයි ගූගල් ආයතනය අරම්භ  කරපු ඒත් ටික කාලයක් ගිහින් විවිධ හේතු මත නතර කරන්න වෙච්ච සේවවන් සමාදානයේ සැතපෙන ගූගල් සොහොන , 
ලිස්ට් එක නම් ටිකක් ලොකුයි ටිකෙන් ටික දාන්නම්

01 Google Plus (2011-2018)



භාවිතා කරන්නන් අඩු වීම , විවිධ මෘදුකාංග දෝෂ නිසා වහලා දාන්න සිද්ධ වුණා.

02 Google URL Shortner (2009-2018)



2018 අප්‍රේල් 13 වනදා සිට නව සාමාජිකයන් ලියාපදිංචි කිරීම නවතා දැමූ අතර  මෙම සේවාව 2019 මාර්තු 30 වනදා  සිට නවතා දැමීමට නියමිතයි

03 Google Spaces ( 2016-2017)
 


Group chat සදාහා යොදාගනු ලැබූ සේවාවකි මෙය මේ වන විට වසා දමා ඇත

04 Google Talk (2005-2017)



මෙය Instant messaging ඇප් එකක් වූ අතර 2017 වර්ෂයේදි මෙම සේවාව නවතා දමන ලදි , ඒ වෙනුවට එහි පරිශීලකයින්ට google hangouts සේවාව  භාවිතා කිරීමට උපදෙස් ලබා දී ඇත.

05 Google Picasa (2002-2016)



මෙය Online photo sharing සේවාවක් විය සේවාව වැඩි දියුණු කිරීමට බව පවසමින් මෙම සේවාව නවතා ඇත.


06 Orkut (2004-2014)



මෙය සමාජ ජාල වෙබ් අඩවියක් විය , Faceboom වැනි සමාජ  ජාලයන්හී පැමිණීමත් , ජනප්‍රියත්වයත් සමග ගූගල් සමාගමට මෙය වසා දැමීමට සිදු විය

07 Google Video (2005-2012)



මෙය ඔන්ලයින් වීඩියෝ හොස්ටින් සේවාවක් විය  Youtube හී නැගීසිටීමත් සමඟ මෙම සේවාව නවතා දැමීමට ගූගල් සමාගමට සුදු වූ අතර එහි ගබඩා කර තිබූ වීඩියෝ පට Youtube සමාගමට ලබා දී ඇත.

08  Google Notebook (2006-2011)



මෙය ඔන්ලයින් නෝට්බුක් සේවාවක් විය  වසා දැමීමට හේතුව ගූගල් සමාගම විසින් දක්වා නැත .


09 Google Dictionary (2010-2011)



Google translate හී පැමිණීමත් සමඟ මෙම සේවාව නවතා දමන ලදි.


10 Ride Finder (2007-2009)



වර්තමානයේ uber ඇප් එක මෙන් එකල taxi සොයා ගැනීමට භාවිතා කළ සේවාවකි, මෙය ඇමරිකාවේ පමණක් ක්‍රියාත්මක විය පසුව ගූගල් ආයතනය විසින් මෙම සේවාව නවතා දමන ලදි

ඉතින් මේ දැම්මේ ලිස්ට් එකෙන් පොඩි කොටසයි පුළුවන් වුණොත් තවත් කොටසක් එක්ක ආයෙත් එන්නම් , හිතලා බලන්න ගූගල් වගේ ලොකු සමාගමක් කොච්චර දේවල් ෆේල් කරගෙනද කියලා?

Post By Eshan............

 

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !