ස්මාට් ෆෝන් බැටරි ගැන ඔබ නොදත් දේ - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Tuesday 1 January 2019

ස්මාට් ෆෝන් බැටරි ගැන ඔබ නොදත් දේ




අද කාලේ වෙනකොට අපි අතේ තියෙන ස්මාට් ෆෝන් එක පරිගණකයකින් කල හැකි ඕනෑම දෙයක් කල හැකි තරමටම දියුණු වෙලා තියෙනවා. ඒ උනත් බොහෝ පාරිභෝගිකයන් මේ වෙනකොට ඉල්ලා සිටින දෙයක් තමයි වැඩි කාලයක් තියාගන්න පුළුවන් බැටරි එකක් එක්ක ස්මාට් ෆෝන් එකක් හදන්න කියලා. වර්තමානයේ තිබෙන ස්මාට් ෆෝන් වල hardware ක්‍රියාත්මක කරන්න සැහෙන ලොකු විද්‍යුත් ධාරාවක් ඕන කරන නිසා තවම දවස් 3ක් වගේ තියාගන්න පුළුවන් ස්මාට් ෆෝන් බැටරි එකක් ප්‍රධාන පෙලේ සමාගමකින් නිකුත් කරලා නැහැ. ඔවුන් තාක්ෂනය ඒ තත්වයට දියුණු කරගන්නකම් අපි බලමු අපේ ෆෝන් එකේ තියෙන බැටරි capacity එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අපි දන්නවද කියල සහ ස්මාට් ෆෝන් බැටරි ගැන අප අතරේ තිබෙන වැරදි මත කිහිපයක් ගැන.


01."ෆෝන් එක රෑට charge වෙන්න දාලා උදේට ගලවන එක හොඳ නැහැ"



මේ කාරණාව අපි ටිකක් පරණ generation එකේ අයගෙන් වැඩිපුර අහන දෙයක්. වර්තමානය වෙද්දී නම් මේ කාරණාව සම්පුර්ණයෙන් ම වගේ වැරදි කියල කියන්න පුළුවන්. ඔබ හිතනවට වඩා ඔබගේ ස්මාට් ෆෝන් එකේ බැටරි එකත් ස්මාට්. නමුත් මීට අවුරුදු 7ක ට 8ක ට වගේ කලින් තිබුන ෆෝන්ස් වල බැටරි එක charge වෙලා ඉවර වෙද්දී ඒක නවත්තන්න ෆෝන් ඒකට පුළුවන් කමක් තිබුනේ නෑ. ඒ නිසා ඒ කාලේ ෆෝන්ස් overcharge වෙලා බැටරි එක පිපිරීම් වලට ලක් වුන අවස්ථා පවා තිබෙනවා. නමුත් වර්තමානයේ බැටරි එක 100% charge වී අවසන් වූ විට තව දුරටත් charger එක හරහා current එක ලබා නොගැනීමට ෆෝන් ඒකට හැකියාව තිබෙනවා. එම නිසා ඔබගේ ස්මාට් ෆෝන් එක රෑ නින්දට යනවිට charge වෙන්න දාලා උදේට ගලවන එක ගැන බයක් ඇති කරගන්න ඕන නැහැ.

නමුත් කිසිම දෙයක් perfect නැහැ කියන්න වගේ ඒ බැටරි charging method එකත් තාම perfect නැහැ. මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි බැටරි එකක් charge වෙන විදිය සහ fast charging method ගැන. ඒ ගැන දැන් හොයලා බලමු. ඊට පස්සේ ඔයාලටම තේරේවි බැටරි වල ප්‍රශ්න ඇති වෙන්න හේතු.


02.ස්මාට් ෆෝන් බැටරි එකක් charge වෙන්නේ කොහොමද?




මේක ටිකක් විද්‍යාත්මක දෙයක්. හැමෝටම තේරෙන්න ඕන නිසා මන් සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්. බැටරි එක ඇතුලේ තියෙන්නේ රසායනික සංයෝගයක්, අපි බැටරි එක charge කරනවා කියල කරන්නේ ඒ රසායනික සංයෝගයට current එක ලබා දෙන එක. එතකොට ඒ රසායනික සංයෝගය මගින් ඒ අපි ලබා දෙන කරන්ට් එක ගබඩා කරගන්නවා. මේකෙදි වර්තමානයේ ප්‍රධාන වශයෙන් බැටරි වර්ග දෙකයි, ඒවා, lithium-ion සහ lithium-polymer වර්ග දෙකේ බැටරි තමයි තියෙන්නේ. ඒ දෙක අතරේ ලොකු වෙනසක් නැතත් පොඩි පොඩි තාක්ෂණික වෙනස්කම් කිහිපයක් තියෙනවා. ඒවා ගැන දැන් කතා කරන්න ගියොත් මේ ලිපිය දිග වැඩි වෙන නිසා ඒ ගැන වෙනම ලිපියකින් කතා කරන්නම්. කොහොම හරි ඒ වර්ග දෙකේම බැටරි වලට අපි current එක දුන්නාම එක ගබඩා කරලා නැවත අපිට ලබා දෙනවා.




බැටරි ඒකට current එක දෙන එක තේරුම් ගන්න සරල උදාහරණයක් ගන්නම්. ඔයාල හිතන්න කවුරුවත් නැති හිස් කාර් එකකට මිනිස්සු නගිනවා කියල. එතකොට කාර් එක මුලදී හිස් නිසා මුලින් ම නගින ය ඉතාමත් පහසුවෙන් නගිනවා, කිසිම අපහසුවකින් තොරව. ඒ වගේම තමයි බැටරි එකත්. එක 0%- 50% අතරේදී කිසිම stress එකකින් තොරව charge වෙනවා. හරියට කාර් ඒකට මුලින් කවුරැ හරි නගින්න වගේ. ඒ වගේම කාර් එකේ අන්තිමට ඉඩ නැති වෙනකම් ම තද වෙලා කට්ටිය නගිනකොට අන්තිම ට නගින ය කාර් එක ඇතුලට යන්නෙත් අමාරුවෙන් වගේ තමයි බැටරි එක අන්තිම 80%-100% charge වෙන්නෙත්, ඒ නිසාම තමයි අන්තිම කොටස charge වෙන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ. fast charging පහසුකම තියෙන ස්මාට් ෆෝන් හිමියන් දන්නවා ඇති මන් මේ කියන දේ. ඒ දුරකථන සමාගම් වලින් හැම තිස්සෙම කියන්නේ 0-50% දක්වා විනාඩි 30 කින් වගේ charge වෙනවා කියල. නමුත් අන්තිම 50-100% දක්වා charge වෙන්න යන වෙලාව කවුරුවත් කියන්නේ නැහැ. මොකද ඒ වෙලාවට බැටරි එක ලොකු stress එකකින් charge වෙන්නේ. ගොඩක් රත් වෙන්නෙත් ඒ වෙලාවට තමයි. මේ කාරණා පොඩ්ඩකට ඔලුවේ තියාගන්න, එතකොට මේ ලිපියේ ඉස්සරහට තිබෙන දේවල් අවබෝධ කරගන්න පහසුයි.



අපි අවසානයට කතා කරේ ෆෝන් එක overnight charge කරන එක ගැන. එකේදී මන් කිව්වා බැටරි ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. එක ගොඩක් දුරට හරි තමයි. නමුත් දිගින් දිගටම කරන්න නම් එක හොද පුරුද්දක් නෙවෙයි. මොකද ෆෝන් එක ඔබ විසින් charge වෙන්න plug කරලා පැය දෙකක් වගේ ඇතුලෙදි 100% charge වෙනවා. ඊට පස්සේ automatically ෆෝන් එකෙන් charger එකෙන් current එක ගන්න එක නවත්තනවා. නමුත් ෆෝන් එක තියෙන්නේ on කරලා. ඔයාල දන්නවා ෆෝන් එක නිකන් තිබුනත් background එකේ process ran වෙනවා. ඔයාල වයි ෆයි ඔන් කරලා නම් එකත් එක්ක connection තියගන්නවා, ළගම තිබෙන cell tower එකත් එක්ක network connection එකත් තියාගන්නවා. මේ නිසා charge කරලා පැයක් විතර යද්දී බැටරි එකෙන් පොඩ්ඩක් බහිනවා කියල ඔයාලට තේරෙනවා ඇති. නමුත් ඒ වෙද්දීත් ෆෝන් එක charge ඒකට connect කරලා තමයි තියෙන්නේ. ඉතින් බැටරි එක පොඩ්ඩක් අඩු වුණාම නැවතත් charge වෙන්න ගන්නවා. හැබැයි ඒ අවස්ථාවේදී charge වෙන්නේ අර මන් ඉහත කිව්වා වගේ කාර් එකේ ඔක්කොමල වගේ නැගල ඉන්නකොට අන්තිමටම කවුරු හරි රිංගන්න හදනවා වගේ. ගොඩක් ලොකු stress එකක් යටතේ තමයි ඒ ටික charge වෙන්නේ. ඔබ පැය 8ක් පමණ නිදාගන්න කෙනෙක් නම් ඔබේ ෆෝන් එක ඒ රැය ඇතුලත ලොකු stress එකකින් අවම වශයෙන් දෙපාරක් වත් charge වෙනවා. මෙන්න මේ දේ දිගු කාලීනව වුනාම ෆෝන් එකේ බැටරි එකේ තියෙන අර රසායනික සංයෝග තවදුරටත් සංයෝග විදියට තියෙන්නේ නැතුව ඒවායේ බන්දන කැඩී යනවා. එතකොට තමයි අපි කියන්නේ "දැන් බැටරි එක ඉස්සර වගේ ගොඩක් වෙලා තියෙන්නේ නැහැ, original capacity එක නැහැ" කියලා. මේ දේ අනිවරෙන් ඕනෑම බැටරි එකකට සිද්ද වෙනවා. නමුත් නිතර නිතර ලොකු stress එකක් යටතේ charge වීමෙන් සහ ලොකු stress එකකින් discharge වීමෙන් මේක ඉක්මන් වෙනවා. එම නිසා නිදාගන්නකොට ෆෝන් එක charge කරන එක ගැන දෙපාරක් හිතන්න. මම පෞද්ගලිකව යෝජනා කරන්නේ උදේට charge කරන්න කියල. වර්තමානයේ බොහෝ දුරකථන වලට fast charging පහසුකම දීලා තියෙනවා. එම නිසා ලොකු වෙලාවක් යන්නේ නැතුව ෆෝන් එක charge කරගන්න පුළුවන්.


03.Battery cycle ගැන දැනගනිමු



ඔයාල ඇතැම් විට අහල ඇති battery cycle කියලා වචනයක්, සමහරවිට ඒ ගැන පොඩි අදහසකුත් ඇති. battery cycle එකක් කියන්නේ ඔබගේ දුරකතනයේ බැටරි එක සම්පුර්ණයෙන් එක වරක් 0-100% දක්වා charge කර විට එක battery cycle එකක් සම්පුර්ණ කරා සේ සලකනවා. නමුත් මේ සදහා බැටරි එක එක දිගටම 0-100% දක්වා charge කල යුතු නැහැ. ඔබ 25% තිබෙන ෆෝන් එකක් 75% දක්වා charge කර නැවත 25% දක්වා භාවිතා කර නැවතත් 75% දක්වා charge කර විට 50% දෙවරක් බැටරිය charge වී තිබෙනවා. එනම් එක cycle එකක් සම්පුර්න කළා සේ බැටරියට දැනෙන්නේ. සාමාන්‍ය ස්මාට් ජංගම දුරකතනයක බැටරි එකක් charge cycle 350-400 අතර ප්‍රමාණයක් යනකම් පමණයි එහි original capacity එක රඳවා තබාගත හැක්කේ. ඉන් පසුව එහි capacity එක අඩු වන අතර බැටරි බලයෙන් භාවිත කර හැකි කාලය ද අඩු වෙනවා. charge cycle ගණන අඩු වීමට වැඩියෙන් ම බලපාන දෙයක් තමයි stress එකක් යටතේ බැටරි එක භාවිත කිරීම, ඒ අවස්ථා දෙකයි, අවසාන 15% charge වීම (85%-100%) සහ අවසාන 20% වගේ තිබෙද්දී ෆෝන් එක භාවිත කිරීම. මේ අවස්ථා දෙකේදීම ඉතාම ලොකු stress එකක් යටතේ බැටරි එක පවතින නිසා එම අවස්ථා වල වැඩියෙන් තැබීම මගින් බැටරි එක charge cycle ගණන අඩු වෙනවා. එම නිසා හැකි සෑම අවස්ථාවකදීම දුරකථනය 80%-20% අතරේ භාවිත කරන්න, 20% දී පමණ නැවතත් 80% වගේ වෙනතෙක් charge කරන්න. එමගින් ඔබට වැඩි කාලයක් ඔබගේ බැටරි එකෙහි original capacity එක රඳවා ගන්නට හැකියාවක් ලැබෙනවා.


04.Original charger එකක් භාවිත කරන්නම ඕනද?



මේක ගොඩක් දෙනෙක්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක්ගේ chargers ෆෝන් එකේ ආයුෂ ඉවර වෙන්න කලින් ම කැඩෙනවා. එතකොට බොහෝ දෙනෙක් කරන්නේ ලඟම තිබෙන දුරකථන අලෙවි සැලකින් තමන්ගේ USB පොර්ට් ඒකට ගැලපෙන charger එකක් මිලදී ගන්න එක. නමුත් එක ඉතාමත් නරක පුරුද්දක්. එමගින් ඔබගේ බැටරියට දැඩි හානි සිද්ද වෙන්න පුළුවන්. එයට හේතුව මේකයි, විවිද ස්මාට් ෆෝන් සමාගම් තමන්ගේ බැටරි charge වෙන speed එකක් හදලා තියෙනවා, මේක කියන්නේ වෝල්ට් සහ ඇම්පියර් පැය අගයකින්. උදාහරණයක් විදියට ඔබේ charger එක අරන් බලන්න, ඊකෙ තිබෙන පොඩි ස්ටිකර් එකක ගහල ඇති output කියල එකක් යටතේ ඇම්පියර් අගයක් සහ වෝල්ටේජ් අගයක්. standard අගය නම් 5v 1Ah. ඒ කියන්නේ පැයක් ඇතුලත වොට් 5ක් බැටරියට ලැබෙනවා. fast charging වලදී මේ අගයන් මීට වඩා වැඩි. උදාහරණයක් විදියට samsung සමාගමේ fast charging 15Wh, Qualcomm QC 18Wh සහ Oneplus දෂ් charging 20Wh විදියට charge වෙනවා, ඉතින් ඔබ ඔබගේ බැටරි එකේ charging speed ඒකට ගැලපෙන charger එකක් බලලා ගත්තේ නැතිනම් ඔබගේ බැටරි ඒකට හානි වීමේ ඉඩකඩ ඉතාමත් වැඩි. නමුත් එක company එකෙන් ම එන original එකක් වෙන්න ඕන කියල දෙයක් නැහැ. තමන්ගේ දුරකතනයේ charger එකේ output එක බලලා තමන්ටම පුළුවන් 3rd party charger එකක් තෝරාගන්න. U Green, Baesus වගේ සමාගම් වලින් සැහෙන්න හොඳ තත්වයේ chargers නිෂ්පාදනය කරනවා. එම නිසා මින් ඉදිරියට තමන්ගේ ස්මාට් ෆෝන් එක charge කිරීමේදී ෆෝන් එකේ බැටරි ඒකට අදාළ speed එකෙන් charge වෙන charger එකක් භාවිතා කරන්න.


05.WIFI , Bluetooth සහ GPS ඔන් කරලා තබාගැනීමෙන් බැටරි බහිනවද?



ගොඩක් දෙනෙක් මේ ගැන වැරදියට වටහාගෙන ඉන්නවා. සරලව පැහැදිලි කරන්නම්. මුලින් ම මන් ගන්නම් Bluetooth සහ GPS ගැන. මේ දෙකම අපි කොතරම් වෙලා ඔන් කරලා තිබුනත් ඒවා භාවිත වෙන්නේ නැතිනම් බැටරි ඒකට බලපෑමක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට GPS ඔන් කරලා තිබුනත් ඔබ google maps හෝ වෙනත් location සේවාවක් භාවිත කරන්නේ නැති නම් GPS ඔන් කරලා තිබුනත් එක ක්‍රියාත්මක වෙන්න් නැහැ. එම නිසා එමගින් බැටරි ඒකට බලපෑමක් වෙන්නෙම නැති තරම්. Bluetooth වලින් එට වැඩ තරමක පොඩි බලපෑමක් වෙනවා, මොකද පසුපසින් සිටිමින් නිතරම Bluetooth device සඳහා scan කරන නිසා. නමුත් ඔබ නිතර නිතර Bluetooth device භාවිතා කරන්නෙක් නම් Bluetooth ඔෆ් කර තබා ගැනීමෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. WIFI වලින් බැටරි එක මත ලොකු බලපෑමක් කරන බව ඇත්ත. නමුත් අපි අන්තර්ජාලයට සම්බන්ධ වීමට එක්කෝ WIFI හෝ mobile data භාවිත කල යුතු වෙනවා. එහිදී අපේ දුරකතනයට වැඩි signal strength එකකින් ලැබෙන මාධ්‍ය භාවිත කිරීමෙන් අඩු බැටරි බලයක් තමයි වය වෙන්නේ. උදාහරණයක් හැටියට ඔබ mobile data signal අඩු ස්ථානයක සිට භාවිත කරයි නම් ඒ සඳහා වැඩි බැටරි බලයක් වැය වීම සාමාන්‍ය දෙයක්. එවන් අවස්ථාවක WIFI සම්බන්ධතාවයක් තිබෙනවා නම් එය භාවිත කිරීමෙන් බැටරි save කරගැනීමට පුළුවන්.

තවත් පොඩි කරුණක් නම් වර්තමානයේ බොහෝ දුරකථන බැටරි වන lithium-ion බැටරි ඉතාම හොද ආයු කාලයක් ලබා දෙන්නේ සීතල පරිසර තත්ත්ව යටතේ දිය. අවට පරිසරයේ උණුසුම වැඩි වන තරමට බැටරි එක බැස යාමේ වේගය වැඩි වේ.



06.ඇප් කිලර්ස් හෝ RAM cleaning ඇප්ස් භාවිතා කිරීම



බොහෝ දෙනෙක් නිසි අවබෝධයක් නොමැතිකම නිසා කරන දෙයක් තමයි මේක. තමන්ගේ දුරකතනයේ බැටරි බලය ඉතුරු කරගැනීමට යයි කියමින් විවිද ඇප්ස් භාවිත කර background එකේ පවතින process ඉවත් කිරීම සිදු කරනවා. නමුත් මෙය කිසිම පලක් නොමැති වැඩක් බව කිව යුතුයි, ඔබ කොතරම් එම process වසා දැමුවත් ඔබගේ OS එක මගින් නැවත නැවතත් ඒවා ආරම්භ කාරනවා. එසේම එම process නැවත ආරම්භ කිරීමට එය පවත්වාගෙන යාමටත් වැඩ වැඩි බැටරි බලයක් වැය වෙනවා. එම නිසා බැටරි බලය ඉතිරි කරගැනීමට කියා ඇප් කිලර්ස් භාවිතා කරන්නට එපා. දුරකතනයේ recent apps වල තිබෙන apps close කිරීම හොදටම ප්‍රමාණවත්. RAM clean කිරීමට පහසුකමක් බොහෝ දුරකථන වල settings මෙනු එක තුලින් ම ලබා දෙනවා. ඒ පියවර දෙක ඕනෑවටත් වැඩ ප්‍රමාණවත්.

මෙම ලිපියේ සියලුම images වල ගෞරවය ඒවායේ පළමු අයිතිකරුවන් සතු වේ.

2018 වසරේ අවසාන ලිපියත් සමගින් උදා වන 2019 වසර අපගේ පාඨක ඔබ සියලු දෙනාට සියලු පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා යි ප්‍රර්ථනා කරනවා. සුපුරුදු විදියට මෙම ලිපියේද අඩු පාඩු සහ ඔබගේ අදහස් යෝජනා comment කරන්න අමතක කරන්න එපා.



ලබන වසරේත් හමුවෙමු.

@danny98611

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !