ලොවම එක තැනකට ගත් අංක 1 Multiplayer පරිගණක ක්‍රීඩාව - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Thursday 20 September 2018

ලොවම එක තැනකට ගත් අංක 1 Multiplayer පරිගණක ක්‍රීඩාව



අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මේ දවස්වල ගොඩක් multiplayer ගේම් අතරින් ප්‍රසිද්ද තවත් එක ගේම් එකක් ගැන.

ඒ ගේම් එක තමයි PUBG නැත්තන් PlayerUnknow's Battleground


ඉතින් මේ ගේම් එකේ විශේෂත්වය තමයි මේ ගේම් එක අපිට ප්ලේ කරන්න තියෙන්නෙ තනියමනම් නෙමෙයි. ගොඩක් Players ලා  එකතු කරගෙන තමයි අපිට මේ ගේම් එක Play කරන්න වෙන්නෙ. ඒක නිසාම මේක Online ගහන්න වෙන ගේම් එකක්. දැනට ලෝකෙ බොහෝ දෙනා මේ pubg කියන ගේම් එක ඉතා කැමැත්තෙන් ක්‍රීඩා කරනවා කියලා තමයි දැනට සමීක්ෂණ අනුව ආරංචි වෙලා තියෙන්නෙ.
මේ ගේම් එක Microsoft windows, Xbox, Android සහ iOS කියන platforms සියල්ලටම හදල තියෙනවා.

 Brendan Greene තමයි මේ ගේම් එකේ Director වෙන්නෙ. ඒ වගේම Chang-han kim තමයි මේ ගේම් එකේ Producer වෙන්නෙ. ඕනම කෙනෙක් දන්නවනෙ ගේම් එකේ වැදගත්ම වෙන Designing කරලා තියෙන්නෙ මේ ගේම් එකේ Director වන Brendan Greene විසින්මයි. මේ ගේම් එක Publish කරන්නෙත් නොයෙකුත් ආයතනවලින්.PUBG Corporation(2017 Dec 20)එකෙන් තමයි,  Microsoft Windows ගේම් එක Release කරල තියෙන්නෙ. ඒ වගේම Microsoft Studios(2018 Sep 4)එකෙන් Xboxවලටත් Tencent Games(2018 Fed 9 & March 19) මොබයිල්වලටත් මේ ගේම් එක Release කරල තියෙනවා. මේ ගේම් එකේ Developers ලා තමයි PUBG Corporation කියන්නෙ. මේ ගේම් එකේ Producer කියල තියෙන්නෙ ලඟදිම PlayStation 4 එකටත් මේ ගේම් එක දෙනව කියලා.

මේ ගේම් එක ගැන හැඳින්වීමක් කරොත්............

මේ ගේම් එක අයත් වෙන්නෙ survival කියන Concept එකට හදපු Game ඝනයට.  ඒ කියන්නෙ අපි කරන්න ඕන අපේ member නැත්තම් අපේ character එක අනිත් enemies ලාගෙන් Save කරගන්න එක. ඉතින් මේ ගේම් එක ගොඩක් attractive වෙන විදියට හදල තියෙනව. ඒ වගේම හැමදෙයක්ම design artificial නැතුව natural විදියට හදල තියෙනව කියන්නත් පුලුවන්. අපිට තනි තනියම play කරන්න වගේම ගෲප් එකක් එක්ක එකතු වෙලා ඒ අය එක්ක කතා කර කරත් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. මේ ගේම් එකේ ගොඩක්ම attractive වෙන්න හේතුවත් අන්න ඒක. සමහරක් අයට හිතෙන්න පුළුවන් ගොඩක් මේ ගේම් එක mobile device වලින්  නැතුව pc එකකින් play කරන කෙනෙකුට මේ ගේම් එක ලේසි වෙන්න පුළුවන් කියල. ඇත්තටම ඒක හරි. මොකද ගොඩක් shooting game හදල තියෙන්නෙ එක්කො pc එකට විතරයි නැත්තන් mobile එකට විතරයි. ඒත් මේ ගේම් එකේ ගොඩම් platforms ප්ලේ කරන්න වාසිය සලසන නිසා ඒක players ලට කරන පොඩි අවාසියක්. Call of duty වගේ ගේම් ගත්තොත් අපි ඒව play කරන්නෙ pc එකෙන් නැත්තන් play station එකෙන්. ඒත් ඒ දෙකටත් එහා ගිහින් මේ ගේම් එක mobile version එකටත් පන පොවල තියෙන එක මේ ගේම් එකේ තවත් එක විශේෂයක්.


මේ ගේම් එක පීසී එකක ප්ලේ කරන්න නම් අඩුම තරමින් මෙන්න මේ සුදුසුකම් සපුරන්න ඕන

*OS: 64-bit Windows 7, Windows 8.1, Windows 10.
*Processor:Intel core i5-4430/AMD FX-6300
*Memory: 8GB RAM
*Graphics: NVIDIA Geforce GTX 960 2GB/AMD Radeon R7 370 2GB
*Directx: Version 11
*Network: Brodhband Internet connection
*Storage: 30 GB available space

ඒවගේම android device සඳහා:-

*Android firmware version: 4.0.3 and up
*Memory: 1GB or more
*Storage: ~280MB

iOS devices සඳහා:-

*iOS version: iOS 9 or later
*Storage: 16GB(run better)


Image result for pubg 

Image result for pubg

Image result for pubg

හරි ඔන්න ඒනම් download link පවා අපි දුන්නා. COC වලින් පස්සේ ලෝකේ ජනප්‍රිය වුනු ගේම් එකක් තමා මේ. ඔන්න අපේ ඇඩ්මින් නිමාත් CentimeterSL කියලා ගේම් එක ගහනවලු. ගේම් එක play කරපු අය ඉන්නවා ඇතිනේ. අදහස් කොට්ටාගෙන යයි කියලා හිතනවා.ඒනම් තවත් සුප්පා පෝස්ට් එකක් අරන් එනකන් හැමොටම බුදු සරණයි !

තොරතුරු අපිට එව්වේ - ශේන් 

2 comments:

  1. පිස්සුද බන් ඔක 1 Ram එකෙ ගහන්න බැ phone වල අනික storage යනවා install උනාම 2GB විතර

    ReplyDelete
    Replies
    1. රැම් එක කිව්වේ අත්‍යවශ්‍ය අවම ප්‍රමාණයට.නමුත් ස්ටෝරේජ් එක කියන්නෙ රැම් එක නෙමෙනේ. ස්ටෝරේජ් එක කෝමත් අප්ඩේට් එනකොට 3gb විතර ගන්නවා.ඒම ස්ටෝරේජ් එකක් තියෙන කෙනෙක්ගේ රැම් එක 1gb නම් එයාට ප්ලේ කරන්න පුලුවනි.😊😊

      Delete

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !