Windows 10 වෙනුවෙන් Microsoft Office පවුලෙන් එන අලුත් App එක - e-අපි

e-අපි

| තාක්ෂණය සොයන ලාංකිකයන් උදෙසා |

Loading...

Home Top Ad

Thursday 21 February 2019

Windows 10 වෙනුවෙන් Microsoft Office පවුලෙන් එන අලුත් App එක


මයික්‍රෝසොෆ්ට් ආයතනයේ අලුත්ම Office මෘදුකාංගය Windows 10 සදහා දැන් සූදානම්. තාක්ෂණික ලෝකයේ යෝධයෙක් වන ඔවුන් අද නිවේදනය කලේ අභ්‍යන්තර පරීක්ෂණවලට මාස 2 කින් පස්සේ අද ඉදන් මෙම Office App එක පාවිච්චි කරන්න පුලුවන් බවයි.

මෙම මෘදුකාංගය ඔවුන් සදහන් කළ පරිදිම සෑම Office app එකකටම මූලිකයෙක් විදිහට ක්‍රියාකරයි. මූලික වශයෙන් මෙම office app එකෙන් වඩාත් වේගයෙන් එක click කිරීමකින් Words , Onedrive , Excel වගේම බොහෝ service භාවිතා කරන්න පුලුවනි. මෙහිදී අප මෑතදී භාවිතා කරන documents , Ondrive හි ගබඩා කර තැබීමටත් හැකි බව පවසනවා.

විශේෂයෙන්ම සදහන් කළ යුතු කරුණ නම් ඔබ මෙයිට පෙර Microsoft Office භාවිතා කළේ නම් මෙය ඔබට නොමිලේම ලබාගත හැකිවන අතර කිසිවිටෙකත් 365 භාවිතා කරන්නෙක් විය යුතු නැහැ.

මෙම අලුත් Office app එකෙහි tutorials වගේම tips and tricks මෙම මෘදුකාංගයේ service භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇත. මෙම මෘදුකාංගය ඔයාටත් Microsoft Store එකෙන් බාගත හැකි අතර එය ඉදිරි සති කිහිපය තුල windpws 10 භාවිතා කරන්නන්ට update එකක් විදිහට එවන බවයි ඔවුන් පවසන්නේ.

No comments:

Post a Comment

අපට feedback එකක් විදියටවත් Comment එකක් දාලා Support එකක් දෙන්න කියලා e-අපි සමග ඉන්න ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා !